Start ආරම්භය

පරිගණක තාක්ෂණය භාවිතා කරන අය අතර මුදල් හුවමාරු ව සඳහා digital මුදල් ක්‍රම භාවිතා කිරීම තරමක් පැරණි ඉතිහාසයක් ඇති කටයුත්තක් වන අතර වර්තමාන වන විට එය වඩාත් ව්‍යාප්ත දියුණු තාක්ෂණය අනුගමනය  කරන, ඉක්මන්  කටයුත්තක් බවට මෙන්ම ලාභ දායක  ව්‍යපාරයක් බවට පත්ව තිබේ . ලොව දැනට භාවිතා වන මෙම සාර්ථක ක්‍රම ඔබට හදුන්වා දිමට මෙම ලිපි මගින් අපෙක්ශා කරන අතර වඩා වාසි දායක ආයෝජන  අවස්ථා මෙන්ම    වෙලෙඳ පොල විස්තර  ද ලබා දිමට අපෙක්ශා කරමු .

දැනුම විමධ්‍යගත ලෙසකින් සමාජයේ සෑම සියළු දෙනා අතරම විසිර පැතිර තිබේ. කාලය හා ස්ථානය ගැන වූ පරිස්ථානීය දැනුමක් අප සියල්ලන්ම සතුව පවතියි. එය සමස්ත සමාජය තුල පවතින දැනුමෙන් ඉතා සොච්චමක් පමණි.

දැනුම එසේ විසිර පැතිර පවතින නිසා, සම්පත් භාවිතය සැලසුම් කරන්නටත් ඒවා පාලනය කරන්නටත් විමධ්‍යගතව හැකියාව පැවතීමෙන් සියළු පුද්ගලයන්ට ඒ තම තමන් සතුව පවතින දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්නට හැකියාව ලැබේ.

එහෙත් සමාජයක ආර්ථික සම්බන්ධීකරණය සඳහා මේ සම්පත් සඳහා විමධ්‍යගතව පැතිර ඇති පාලනය අවශ්‍ය වුවද, එය පමණක් ප්‍රමාණවත් නැත. විමධ්‍යගත ලෙසකින්, ඒ ඒ පුද්ගලයා තම තම සැලසුම් හදන්නට යද්දී ඔවුනට අනෙකුත් පුද්ගලයන් සතු ඇබිත්තක් වූ දැනුම කුමන හෝ ආකාරයකින් ලබාගන්නට හැකියාවක් තිබීම අවශ්‍යයයි. එවිට තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් සැලසුම් හදන පුද්ගලයාට තමන් හදන සැලසුම සාර්ථක වේදැයි නැත්නම් අසාර්ථක වේදැයි කියා සමාජයේ අනෙක් අය වෙතින් ලැබෙන ප්‍රතිචාර තුලින් වැඩියෙන් හොඳ සැලසුමක් හදන්නට ඉඩකඩක් පෑදේ.

Advertisements